යුක්‍රේනයේ කාර්කිව් නගරයට රුසියානුවන් ඇතුලුවෙයි

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියානු පාබල හමුදා ඇතුළු වී තිබේ.ඒ අනුව මේ වන විට යුක්‍රේන හමුදා සහ රුසියානු හමුදා අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිලියන එකයි දශම හතරක ජනතාවක් රැඳිසිටින කාර්කිව් නගරයේ ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස ද යුක්‍රේන රජය දැනුම් දී තිබේ.මේ වන විට රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නගරයේ ස්වභාවික ගෑස් නලයක් ද පුපුරාගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක ඉගර් කොනර්ෂෙන්කොව් සඳහන් කර ඇත්තේ, සමස්තයක් ලෙස රුසියානු සන්නද්ධ හමුදාව යුක්‍රේනයේ හමුදා ඉලක්ක 821කට ප්‍රහාර එල්ල කර ඇති බවය.රේඩාර් මධ්‍යස්ථාන 48ක් ද එම ඉලක්ක අතර පවතින බව සඳහන් කර ඇති ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වාදෙන්නේ, එම ප්‍රහාර හමුදා ඉලක්ක වෙත පමණක් සිදුකළ බවත් නිවාස හෝ පොදුස්ථාන කිසිවක් ප්‍රහාරවලින් විනාශ වී නොමැති බවත්ය.

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සටන තවදුරටත් ඉදිරියට ගෙන යන බවය.තම රටේ බටහිර නගරවලට ප්‍රහාර එල්ල වුවද හැකි සෑම ආකාරයකින්ම සටන් වදින බව ඔහු ප්‍රකාශ කර තිබේ.මේ අතර යුක්‍රේනය පවසන්නේ මේ වන විට රුසියානු හමුදා සෙබළුන් 4,300ක් පමණ ඝාතනය වී ඇති බවය.එමෙන්ම ගුවන් යානා 27ක් හෙළිකොප්ටර් 26ක් සහ යුද ටැංකි 146ක් විනාශ කළ බවද එම වාර්තා සඳහන් කළේය.

රුසියානු ප්‍රහාරවලින් මේ වන විට යුක්‍රේන ළමුන් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද නිල වාර්තාවල දැක්වේ.

මේ අතර රුසියානු අක්‍රමණයන්ට එරෙහිව මුහුණදීම සඳහා යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීමට ග්‍රීසිය තීරණය කර තිබේ.ඒ අනුව අවි ආයුධ ඇතුළු යුද උපකරණ රැගත් ගුවන් යානා දෙකක් පොලන්ත සීමාව බලා පිටත් කර හැරීමට නියමිත බව සඳහන් වේ.

රුසියාව විසින් මරියුපෝල් නගරය ආසන්නයට එල්ල කළ ප්‍රහාරයකින් ග්‍රීක ජාතිකයින් 10 දෙනෙකු මියයාමට එරෙහිව මෙලෙස යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීමට ග්‍රීසිය තීරණය කර ඇත.මේ වන විට අමෙරිකාව, ජර්මනිය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක්ම යුක්‍රේනය වෙත අවි සැපයීමට ඉදිරිපත්ව සිටී.

Ukraine claims control of key city Kharkiv after fierce clashes with  Russian forces | World News | Sky News
In Russia's Ukraine plans, how much does the mud matter? | AP News
In Russia's Ukraine plans, how much does the mud matter? - The Mainichi
Kharkiv's pro-Russian protesters still mistrustful of Kiev | Elections News  | Al Jazeera
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?