යුක්‍රේනයේ කාර්කිව් නගරයට රුසියානුවන් ඇතුලුවෙයි

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියානු පාබල හමුදා ඇතුළු වී තිබේ.ඒ අනුව මේ වන විට යුක්‍රේන හමුදා සහ රුසියානු හමුදා අතර දරුණු ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිලියන එකයි දශම හතරක ජනතාවක් රැඳිසිටින කාර්කිව් නගරයේ ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස ද යුක්‍රේන රජය දැනුම් දී තිබේ.මේ වන විට රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නගරයේ ස්වභාවික ගෑස් නලයක් ද පුපුරාගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක ඉගර් කොනර්ෂෙන්කොව් සඳහන් කර ඇත්තේ, සමස්තයක් ලෙස රුසියානු සන්නද්ධ හමුදාව යුක්‍රේනයේ හමුදා ඉලක්ක 821කට ප්‍රහාර එල්ල කර ඇති බවය.රේඩාර් මධ්‍යස්ථාන 48ක් ද එම ඉලක්ක අතර පවතින බව සඳහන් කර ඇති ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වාදෙන්නේ, එම ප්‍රහාර හමුදා ඉලක්ක වෙත පමණක් සිදුකළ බවත් නිවාස හෝ පොදුස්ථාන කිසිවක් ප්‍රහාරවලින් විනාශ වී නොමැති බවත්ය.

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සටන තවදුරටත් ඉදිරියට ගෙන යන බවය.තම රටේ බටහිර නගරවලට ප්‍රහාර එල්ල වුවද හැකි සෑම ආකාරයකින්ම සටන් වදින බව ඔහු ප්‍රකාශ කර තිබේ.මේ අතර යුක්‍රේනය පවසන්නේ මේ වන විට රුසියානු හමුදා සෙබළුන් 4,300ක් පමණ ඝාතනය වී ඇති බවය.එමෙන්ම ගුවන් යානා 27ක් හෙළිකොප්ටර් 26ක් සහ යුද ටැංකි 146ක් විනාශ කළ බවද එම වාර්තා සඳහන් කළේය.

රුසියානු ප්‍රහාරවලින් මේ වන විට යුක්‍රේන ළමුන් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද නිල වාර්තාවල දැක්වේ.

මේ අතර රුසියානු අක්‍රමණයන්ට එරෙහිව මුහුණදීම සඳහා යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීමට ග්‍රීසිය තීරණය කර තිබේ.ඒ අනුව අවි ආයුධ ඇතුළු යුද උපකරණ රැගත් ගුවන් යානා දෙකක් පොලන්ත සීමාව බලා පිටත් කර හැරීමට නියමිත බව සඳහන් වේ.

රුසියාව විසින් මරියුපෝල් නගරය ආසන්නයට එල්ල කළ ප්‍රහාරයකින් ග්‍රීක ජාතිකයින් 10 දෙනෙකු මියයාමට එරෙහිව මෙලෙස යුක්‍රේනය වෙත යුද ආධාර ලබාදීමට ග්‍රීසිය තීරණය කර ඇත.මේ වන විට අමෙරිකාව, ජර්මනිය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක්ම යුක්‍රේනය වෙත අවි සැපයීමට ඉදිරිපත්ව සිටී.

Ukraine claims control of key city Kharkiv after fierce clashes with  Russian forces | World News | Sky News
In Russia's Ukraine plans, how much does the mud matter? | AP News
In Russia's Ukraine plans, how much does the mud matter? - The Mainichi
Kharkiv's pro-Russian protesters still mistrustful of Kiev | Elections News  | Al Jazeera
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21