AFC Banner
AFC Banner
Empty Ad

යාපනය දිස්ත්‍රික්කයෙන් මේ දක්වා මී උණ රෝගීන් 87ක්

පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා යාපනය දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 87 දෙනෙක් වාර්තා වී ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීශ්වරන් පවසනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් පිරිසක් පේදුරුතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.

දැනට පේදුරුතුඩුව රෝහල තුළ නේවාසිකව මී උණ රෝගීන් 21 දෙනෙකු ප්‍රතිකාර ලබා බවත්, යාපනය රෝහල තුළ නේවාසිකව රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේ යාපනය දිස්ත්‍රික්කය තුළ කිසියම් උණ රෝගී ලක්ෂණයක් පවතින අයෙක් සිටී නම් වහාම රජයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.

හැකි සෑම අවස්ථාවකම උණුකර නිවන ලද ජලය පානය කරන ලෙසත්, පවතින රෝගී තත්ත්වයන්ට නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ මී උණ රෝගී මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?