AFC Banner
Empty Ad
Empty Ad

යළිත් රට ලොක්ඩවුන් ද ? සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ විදේශිකයා මෙරට සංචාරය කළ ස්ථාන සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ, ඔමික්‍රෝන් ආසාදිත විදේශිකයා හැර මෙරටින් වාර්තා වූ සෙසු සියලු ඔමික්‍රෝන් ආසාදිතයින් මේ වනවිට සුවය ලබා ඇති බවයි.

මොවුන්ට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ වාර්තා වූ දිනට සති 2කට පමණ පෙර බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියා.

ඔහු සඳහන් කළේ, එම ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා සිදු කරන ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ වාර්තාව ලැබීමට සති 2ක කාලයක් ගත වීම හේතුවෙන් ඔමික්‍රොන් ආසාදිතයින් හඳුනා ගැනීම මෙලෙස ප්‍රමාද වන බවයි.

එමෙන්ම සියලු කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල ඔමික්‍රෝන් හඳුනාගැනීමට අදාළ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාවක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොරෝනා පරීක්ෂණ සඳහා ලබා ගන්නා සෙම් පටල සාම්පල පරීක්ෂා කිරීම සඳහා ඉහළ මට්ටමේ රසායනාගාර පහසුකම්වලින් යුත් නම් කරන ලද විශේෂිත මධ්‍යස්ථාන 4ක් වෙත යොමු කරන ලෙස දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ ඒ පළාත්වලින් ලබා ගන්නා සාම්පල ඊට අදාළ ව දී ඇති මධ්‍යස්ථාන වෙත යොමු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 715ක් ඊයේ හඳුනා ගත් අතර, ඒ සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 578,439ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,720 දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 22ත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ මහනුවර දී මාධ්‍යවෙත අදහස් පළ කරමින් කියා සිටියේ රට යළි වසා දැමීමේ අවශ්‍යතාවක් එළඹී නො මැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36

?