යළිත් රට ලොක්ඩවුන් ද ? සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ විදේශිකයා මෙරට සංචාරය කළ ස්ථාන සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ, ඔමික්‍රෝන් ආසාදිත විදේශිකයා හැර මෙරටින් වාර්තා වූ සෙසු සියලු ඔමික්‍රෝන් ආසාදිතයින් මේ වනවිට සුවය ලබා ඇති බවයි.

මොවුන්ට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ වාර්තා වූ දිනට සති 2කට පමණ පෙර බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියා.

ඔහු සඳහන් කළේ, එම ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා සිදු කරන ජාන විශ්ලේෂණ පරීක්ෂණයේ වාර්තාව ලැබීමට සති 2ක කාලයක් ගත වීම හේතුවෙන් ඔමික්‍රොන් ආසාදිතයින් හඳුනා ගැනීම මෙලෙස ප්‍රමාද වන බවයි.

එමෙන්ම සියලු කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල ඔමික්‍රෝන් හඳුනාගැනීමට අදාළ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාවක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොරෝනා පරීක්ෂණ සඳහා ලබා ගන්නා සෙම් පටල සාම්පල පරීක්ෂා කිරීම සඳහා ඉහළ මට්ටමේ රසායනාගාර පහසුකම්වලින් යුත් නම් කරන ලද විශේෂිත මධ්‍යස්ථාන 4ක් වෙත යොමු කරන ලෙස දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ ඒ පළාත්වලින් ලබා ගන්නා සාම්පල ඊට අදාළ ව දී ඇති මධ්‍යස්ථාන වෙත යොමු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 715ක් ඊයේ හඳුනා ගත් අතර, ඒ සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 578,439ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,720 දක්වා ඉහළ ගියේ ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 22ත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ මහනුවර දී මාධ්‍යවෙත අදහස් පළ කරමින් කියා සිටියේ රට යළි වසා දැමීමේ අවශ්‍යතාවක් එළඹී නො මැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48