මෝටර් රථ නිෂ්පාදකයින් රථ වාහන මිල ඉහළ දැමීමට තීරණය කරයි

ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ එම්.ජී., මහේන්ද්‍රා සහ මරුටි සුසුකි වැනි සමාගම් ඒ බව තහවුරු කළ බවයි.

වාහනවල මුල් උපකරණ නිෂ්පාදකයන් විසින් එම උපාංග සෑදීමට ගන්නා අසීමිත යෙදවුම් පිරිවැය මීට හේතු වී තිබේ.

ඒ අනුව ඉතාමත් ඉක්මනින් මෝටර් රථ වල මිල ඉහළ යනු ඇති බවට ඉහත සදහන් සමාගම් විසින් සදහන් කර ඇත.

මෙම තත්ත්වයට කොවිඩ් වසංගතය සෘජුවම බලපෑමක් එල්ල කරන බව සදහන් කරයි.

මෝටර් රථය මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම්. ජී. මෝටර්ස් ඉන්දියා සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රජීව් චබා පවස්සේ ආදාන පිරිවැය (input cost) ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

මෙම තත්ත්වය නිසා ඉන්දියාව තුළ 2021 වසරේදී මෝටර් රථ මිල වරින් වර ඉහළ දැමීමට ද සිදුවූ බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මහේන්ද්‍රා සහ මහේන්ද්‍රා සමාගමේ ප්‍රධායන විධායක නිලධාරි විජේ නාකර් සදහන් කරන්නේ “අපි දන්නවා මිල ඉහළ දැමීමෙන් කොපමණ මෝටර් රථ වෙළෙද පොළට කොයිතරම් දුරට බලපෑමක් එල්ල කරනවාද කියලා”.

“මුදල් ප්‍රවාහය සහ ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය අනුව මෙය නිසැකවම අපේ ව්‍යාපාර වලට බලපෑම් කරාවි.”

මෝටර් රථ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මරූටි සුසිකි ඉන්දියා සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක අධ්‍යක්ෂ, වෙළෙද සහ ප්‍රවර්ධන ෂෂාන්ක් ශ්‍රීවාස්තව් ද අදහස් දක්වා තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ තම ආයතනය මෝටර් රථ වල මිල සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

“අපි ඉහළ රේඛාව සහ පහළ රේඛාව අතර සියුම් රේඛාව ඔස්සේ ගමන් කරමින් අපි සුදුසු තීරණයක් ඉදිරියේදී ගැනීමට කටයුතු කරනවා.”

මෝටර් රථ, යතුරු පැදි ඇතුළු කුඩා ප්‍රමාණයේ ලොරි රථ වැනි ජනප්‍රිය රථ වාහන ශ්‍රී ලංකාවට ද වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

ඒ අනුව ඉන්දීය සමාගම් තම රථ වාහන මිල ඉදිරියේදී ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙද පොළට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි මෝටර් රථ මෙරටට ආනයනයකරනු ලබන වෙළෙද ව්‍යාපාරිකයින් සදහන් කරයි.

  1. ඉන්ධන මිල වැඩි කරල, වැඩි දුරක් සේවයට යන්නන්ට සහනයක් දීලා, අඩු දුරක් පාපැදියෙන් සේවයට පැමිණෙන අයට දිරිගැන්වීමක් දුන්නොත් මීට වඩා යහපතක් වේවි. මේ අපේ රටේ නැති ඛනිජ තෙල් අරගෙන නඩත්තු කරන්නට අපහසු සංස්කෘතියක් ගොඩ නැගීමේ විපාකය තමයි මේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52