වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
උන්වහන්සේව ඊයේ (03) දින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, අනුව උන්වහන්සේව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය අද (04) ලබා දුන්නා.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දින දෙකක් තුළ විවෘත වරෙන්තු එකක් සහ වරෙන්තු දෙකක් නිකුත් කර තිබුණි.
අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙන් වෙන්ව එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කළ අතර ඉස්ලාම් දහමට අපහස කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට ඉදිරිපත් වීම හේතුවෙන් වරෙන්තු නිකුත් කළා.
ඒ, අතර මාස නවයක සිරදඬුවම සම්බන්ධයෙන් තීන්දුව කියවාදීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවට ඉදිරිපත් නොවු නිසා එහිදී ද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඊට අමතරව ඥානසාර හිමියන් විදේශ ගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද නිකුත් කළා.
ඒ, පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන් වුණා.
ඒ, අනුව දින දෙකක් තුළ වරෙන්තු තුනක් අධිකරණ තුනකින් නිකුත් කර තිබුණා.










