spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙහෙකාර සේවයට විරුද්ධව කාන්තාවන් වීථි බසියි

සෞදි අරාබියානු රජයේ ඉල්ලීමක් මත වයස අවුරුදු 18ත් 40ත් අතර වූ ඉතියෝපියානු කාන්තාවන් පන්ලක්ෂයක් සෞදියේ මෙහෙකාර සේවයට යැවීම සඳහා ඉතියෝපියානු රජය මගින් කාන්තාවන් බඳවා ගැනීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා.

කිසිදු මුදලක් අය නොකර මෙවර රජය මඟින් මෙම බඳවා ගැනීම් කටයුතු සිදු කරන්නේ අනවසර මිනිස් ජාවාරම්කරුවන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට බවයි ඉතියෝපියානු රජය පවසන්නේ.

ඉතියෝපියාව තුල පසුගිය දශක කිහිපයක සිට පවතින දැඩි ආර්ථික අර්බුධ හේතුකොටගෙන එරට කාන්තාවන් කුවේට් ලෙබනන් සහ සෞදි අරාබියාව බලා ගෘහ සේවිකාවන් වශයෙන් යාමට පටන් ගෙන තිබුනා.

එවකට රජයේ මැදිහත්වීමක් සිදු නොවීම හේතුවෙන් බහුතරයක් කාන්තාවන්ට විවිධ හිංසන ක්‍රියාවන්ට මෙන්ම නියමිත පරිදි වැටුප් නොගෙවීමේ අවස්ථාවන් රැසකට මුහුණ පෑමට සිදුවුනා.

කෙසේ වෙතත්, යළිත් වරක් කාන්තාවන් පන්ලක්ෂයක් සෞදියේ මෙහෙකාර සේවයට යැවීමේ ක්‍රියාවලියට එරෙහිව මානව සංවිධාන ක්‍රියාකාරිනියන් සිය ගණනින් අඩිසබබා අගනුවර වීථි බැස සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?