AFC Banner
Empty Ad

මෙරට කෘෂි අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ලබන වසරේ

මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රජය උපරිම පහසුකම් සැපයීමට තීරණය කර ඇති බවයි.

අපනයන කෘෂිකාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා 2023 අයවැයෙන් සැළකිය යුතු මුදලක් ලබා දී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා තල, මුං ඇට, සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ගවලට මෙන්ම එළවළු හා පළතුරුවලට ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට සැලසුම් සකස් කරන බව මෙහිදී සඳහන් කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් මේ වන විටත් සතියකට ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් බැඟින් ඩුබායිවලට අපනයනය කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?