AFC Banner
AFC Banner
Empty Ad

මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලුව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා අද (03) පස්වරුවේ මියන්මාර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය U Than Swe මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගියදා බැංකොක් නුවර පැවති බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව ද අමාත්‍යවරයා මියන්මාර විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මීට පෙර සාකච්ඡා කර තිබුණා.

දුරකථන සංවාදය අතරතු, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේ මෙම ශ්‍රී ලාංකිකයන් වහා නිදහස් කර ගැනීම සඳහා මියන්මාර රජයේ සහාය සහ හදිසි මැදිහත්වීම අවශ්‍ය බවයි.

එලෙස රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙස ද විදේශ අමාත්‍යවරයා මියන්මාර විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මියන්මාරයට නීති විරෝධිව රැගෙන ගොස් සිටින මෙම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව ගෙන්වා ගැනීම සඳහා මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව ක්‍රියාකාරීව මියන්මාර බලධාරීන්ගේ සහාය සහ සහයෝගීතාවය අපේක්ෂා කරනු ලබනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව, සයිබර් අපරාධ සඳහා මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු මයිවාඩි ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින බව සඳහන්.

මියන්මාර රජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම පිළිබඳව අඛණ්ඩව සොයා බලමින් සිටින බවයි අමාත්‍යාංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?