මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

මියන්මාරයේ Myawaddy ප්‍රදේශයේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලුව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා අද (03) පස්වරුවේ මියන්මාර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය U Than Swe මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගියදා බැංකොක් නුවර පැවති බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව ද අමාත්‍යවරයා මියන්මාර විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මීට පෙර සාකච්ඡා කර තිබුණා.

දුරකථන සංවාදය අතරතු, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේ මෙම ශ්‍රී ලාංකිකයන් වහා නිදහස් කර ගැනීම සඳහා මියන්මාර රජයේ සහාය සහ හදිසි මැදිහත්වීම අවශ්‍ය බවයි.

එලෙස රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙස ද විදේශ අමාත්‍යවරයා මියන්මාර විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මියන්මාරයට නීති විරෝධිව රැගෙන ගොස් සිටින මෙම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව ගෙන්වා ගැනීම සඳහා මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව ක්‍රියාකාරීව මියන්මාර බලධාරීන්ගේ සහාය සහ සහයෝගීතාවය අපේක්ෂා කරනු ලබනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව, සයිබර් අපරාධ සඳහා මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු මයිවාඩි ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින බව සඳහන්.

මියන්මාර රජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම පිළිබඳව අඛණ්ඩව සොයා බලමින් සිටින බවයි අමාත්‍යාංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37