ගරාජයක් තුළ තිබූ අධිබලැති බවට සැකකරන යතුරුපැදි 05ක් පොලිස් භාරයට

පිළියන්දල පොලිස් වසමේ සිරිමංගලවත්ත ප්‍රදේශයේදී, පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගරාජයක් තුළ තිබූ අධි බලැති එංජින් ධාරිතාවයෙන් යුතු බවට සැක කරන යතුරු පැදි 05 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම යතුරු පැදි සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් කැඳවීමට නියමිත අතර පිළියන්දල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.