AFC Banner
Empty Ad
Empty Ad

‘මෑන් ඩුවෝස්’ සුළි කුණාටුව ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

‘මෑන් ඩුවෝස්’ ලෙස නම්කර ඇති එම සුළි කුණාටුව හෙට (09) වනවිට තමිල්නාඩු – පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලි මීටර 100ට වැඩි තද වැසි ඇතිවන බව ද සඳහන්.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?