‘මෑන් ඩුවෝස්’ සුළි කුණාටුව ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

‘මෑන් ඩුවෝස්’ ලෙස නම්කර ඇති එම සුළි කුණාටුව හෙට (09) වනවිට තමිල්නාඩු – පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලි මීටර 100ට වැඩි තද වැසි ඇතිවන බව ද සඳහන්.

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29