මාස 09ක සහ මාස 11ක දැරියන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් නාරම්මල අනතුරක්

නාරම්මල පොලිස් වසමේ නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ නාරම්මල දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (19) දහවල් සිදු වූ මෙම අනතුරින් කුඩා දැරියන් දෙදෙනෙක් සහ කාර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය දැරියන් දෙදෙනා මාස 09ක් සහ මාස 11 යන වයස්වල පසුවන අතර, රියදුරු වයස අවුරුදු 38ක වූ දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමි පුද්ගලයෙක් දඹදෙණිය රොහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගියෙකු ද තුවල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

නාරම්මල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?