AFC Banner
Empty Ad
Empty Ad

මයික්‍රොසොෆ්ට් ඇනහිටීමෙන් බිඳවැටුණු ශ්‍රී ලන්කන් මෙහෙයුම් යථා තත්ත්වයට

ගෝලීය වශයෙන් සිදුව ඇති තාක්ෂණික බිඳවැටීමත් සමඟ ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇති වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ බව දැනුම් දෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට (GMT 08:30) මෙම තාක්ෂණික දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බවයි එම ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර සිදුව තිබූ තාක්ෂණික දෝෂය මත ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කණගාටුව පළකර සිටිනවා.

ගෝලීය මයික්‍රොසොෆ්ට් ඇනහිටීමත් සමඟ ලොවපුරා සේවා සපයන ආයතන රැසක මෙහෙයුම් කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, අතර ගුවන් මෙහෙයුම් සේවා ප්‍රධාන අංශයක්.

අදාළ නිවේදනය පහතින්.

2 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?