මම භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක් මෙත්පල් නිරිඳු කියයි

රට තුළ මතුව ඇති ගැටලුකාරි තත්ත්වයට පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පාර්ශ්වයන් එක වේදිකාවකට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කෙසේවෙතත් තම පාලන කාලය තුළ මෙතරම් ගැටලුකාරී ඉරණමකට ජනතාව මුහුණ නොදුන් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව කියා සිටියේය.

“මගෙන් පස්සේ මම භාරදුන්නේ, ප්‍රශ්න නැති ලස්සන රටක්. මිනිස්සු කාලා බීලා හිටියා. ගොවියෝ හොඳට ගොවිතැන් කළා. ප්‍රශ්න මගේ කාලයේ නොතිබුණා නෙමෙයි. නමුත් මේ රටේ පුරවැසියන්ගේ දෛනික ජීවිතය අද වගේ තත්ත්වයකට ඇදවැටිලා තිබුණේ නෑ. ආණ්ඩුවට දොස් කීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ආණ්ඩු කරන අයත් නොකරන අයත් සියලුදෙනා එකට එකතුවිය යුතු අවස්ථාවක්.

රටේ සියලු දේශපාලන පක්ෂ, නායකයින් එක වේදිකාවට ඇවිල්ලා  රට බේරගන්න, පෙනි පෙනී ඇදගෙන වැටෙන රට උඩට උස්සන්න කටයුතු කළ යුතු අවස්ථාවක්. අපිට අද ගල් ගැහුවට, අපිට අද චරිත ඝාතන කළාට අද මට හොරෙක් කිව්වට, මට නින්දා අපහාස කළාට ඒවට අපි සැලෙන්නේ නෑ. අවුරුදු 54කට ආසන්න පක්ෂ දේශපාලන ජීවිතයේ නින්දා අපහාස අපවාද සියල්ල මට හොඳට හුරුයි.

අද අපේ රටේ ප්‍රශ්න ගොඩයි. ගොවි ජනතාව ජීවත් වෙන්නේ කඳුලෙන්. මේ ගොවි දුක මම පාර්ලිමේන්තුවේ දැන් අවුරුද්දක් විතර කතා කරනවා. පොළොන්නරු ජනතාවගෙන් ඡන්දය අරන් ගිහින් පොළොන්නරුවෙන් ඉන්නවා ආණ්ඩුවේ මැති ඇමතිවරු තුන්දෙනෙක්. මං හැර. ඒ එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ හරි ඉන් පිට හරි ගොවි ජනතාවගේ දුක ගැන කතා කරනවා. නැහැ. හැමදේටම yes සර්. ඔව් සර්.එච්චරයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?