මම භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක් මෙත්පල් නිරිඳු කියයි

රට තුළ මතුව ඇති ගැටලුකාරි තත්ත්වයට පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පාර්ශ්වයන් එක වේදිකාවකට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කෙසේවෙතත් තම පාලන කාලය තුළ මෙතරම් ගැටලුකාරී ඉරණමකට ජනතාව මුහුණ නොදුන් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව කියා සිටියේය.

“මගෙන් පස්සේ මම භාරදුන්නේ, ප්‍රශ්න නැති ලස්සන රටක්. මිනිස්සු කාලා බීලා හිටියා. ගොවියෝ හොඳට ගොවිතැන් කළා. ප්‍රශ්න මගේ කාලයේ නොතිබුණා නෙමෙයි. නමුත් මේ රටේ පුරවැසියන්ගේ දෛනික ජීවිතය අද වගේ තත්ත්වයකට ඇදවැටිලා තිබුණේ නෑ. ආණ්ඩුවට දොස් කීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ආණ්ඩු කරන අයත් නොකරන අයත් සියලුදෙනා එකට එකතුවිය යුතු අවස්ථාවක්.

රටේ සියලු දේශපාලන පක්ෂ, නායකයින් එක වේදිකාවට ඇවිල්ලා  රට බේරගන්න, පෙනි පෙනී ඇදගෙන වැටෙන රට උඩට උස්සන්න කටයුතු කළ යුතු අවස්ථාවක්. අපිට අද ගල් ගැහුවට, අපිට අද චරිත ඝාතන කළාට අද මට හොරෙක් කිව්වට, මට නින්දා අපහාස කළාට ඒවට අපි සැලෙන්නේ නෑ. අවුරුදු 54කට ආසන්න පක්ෂ දේශපාලන ජීවිතයේ නින්දා අපහාස අපවාද සියල්ල මට හොඳට හුරුයි.

අද අපේ රටේ ප්‍රශ්න ගොඩයි. ගොවි ජනතාව ජීවත් වෙන්නේ කඳුලෙන්. මේ ගොවි දුක මම පාර්ලිමේන්තුවේ දැන් අවුරුද්දක් විතර කතා කරනවා. පොළොන්නරු ජනතාවගෙන් ඡන්දය අරන් ගිහින් පොළොන්නරුවෙන් ඉන්නවා ආණ්ඩුවේ මැති ඇමතිවරු තුන්දෙනෙක්. මං හැර. ඒ එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ හරි ඉන් පිට හරි ගොවි ජනතාවගේ දුක ගැන කතා කරනවා. නැහැ. හැමදේටම yes සර්. ඔව් සර්.එච්චරයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16