අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ අද (22) රාගම, කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය වැටලීම සිදුකළ බවයි වාර්තා වූයේ.
හෙරොයින් කිලෝ 08 ග්‍රෑම් 168ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 666ක් එහිදී අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරුවන් අවුරුදු 21 සහ 42 වයස්වල පසුවන හෝකන්දර සහ අම්පාර ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්.
මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 823,000.00ක්, ජංගම දුරකථන 04ක්, විද්‍යුත් තරාදි 03 ක්, කාර් රථයක්, වෑන් රථයක්, ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි දෙකක් සහ ව්‍යාජ අංක තහඩු 06ක්ද සොයාගත් බව පොලිසිය පවසනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත සැකකරුවන් දෙදෙනා භාරදී තිබෙනවා.













