භානුක රාජපක්ෂ ආබාධයකට ලක්වෙයි

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයක් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහු මෙලෙස ආබාධයකට ලක්වුණේ කින්ග්ස් ලෙවන් පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් අතර පැවති තරඟය අතරතුරදීයි.

පංජාබ් කණ්ඩායමේ අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂට මුහුණදීමට හැකිවූයේ එක් පන්දුවකට පමණක් වූ අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ශිකර් ධවාන් එල්ල කළ පහරක් භානුකගේ අතේ වැදී තිබුණා.

රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට නායක ශිකර් ධවාන් එල්ල කළ පහර රාජපක්ෂගේ වැලමිට ප්‍රදේශයේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

දීර්ඝ පරීක්ෂාවකින් පසුව, ඔහුට දිගටම පන්දුවට පහර දිය නොහැකි බව තීරණය වූ අතර, කඩුලු රකින පිතිකරු ජිතේෂ් ෂර්මා පන්දුවට පහර දීමට පිටියට පැමිණියා.

ඒ අනුව ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ භානුක රාජපක්ෂ යළි පන්දුවට පහරදීමට පැමිණියේ නැහැ.

ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තාවක් නිකුත්වී නොමැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මෙම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 05 කින් පරාජය කරමින් තියුණු ජයක් අත්කර ගැනීමට පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?