භානුක රාජපක්ෂ ආබාධයකට ලක්වෙයි

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයක් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහු මෙලෙස ආබාධයකට ලක්වුණේ කින්ග්ස් ලෙවන් පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් අතර පැවති තරඟය අතරතුරදීයි.

පංජාබ් කණ්ඩායමේ අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂට මුහුණදීමට හැකිවූයේ එක් පන්දුවකට පමණක් වූ අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ශිකර් ධවාන් එල්ල කළ පහරක් භානුකගේ අතේ වැදී තිබුණා.

රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට නායක ශිකර් ධවාන් එල්ල කළ පහර රාජපක්ෂගේ වැලමිට ප්‍රදේශයේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

දීර්ඝ පරීක්ෂාවකින් පසුව, ඔහුට දිගටම පන්දුවට පහර දිය නොහැකි බව තීරණය වූ අතර, කඩුලු රකින පිතිකරු ජිතේෂ් ෂර්මා පන්දුවට පහර දීමට පිටියට පැමිණියා.

ඒ අනුව ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ භානුක රාජපක්ෂ යළි පන්දුවට පහරදීමට පැමිණියේ නැහැ.

ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තාවක් නිකුත්වී නොමැති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර මෙම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 05 කින් පරාජය කරමින් තියුණු ජයක් අත්කර ගැනීමට පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18