ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද (15) උදෑසන වන විට ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 600ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ හේතුවෙන් තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර අද (15) දිනයවන විට ‘පීඩන අවපාතයක්’ දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද දිනයේ දී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇති.
එමෙන්ම උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
