නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිඳාගේ සිදුවීම පිළිබඳව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් නිවේදනයක් නිකුත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
වයස අවුරුදු 15ක පමණ දියණියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම මවක් ලෙස තමන්ට අතිශය කම්පනකාරි පුවතක් බවයි අමාත්‍යවරිය පවසන්නේ.
කෙසේ වුවද, මෙම සිදුවීමට මුහුණ දුන් එම බාලවයස්කාර දියණියගේ සහ අලුත උපන් බිළිඳාගේ ජීවිත මේ වන විට ආරක්ෂිතව තිබීම සහනයට කරුණක් බවයි ඇය පෙන්වා දෙන්නේ.
එම දරුවන් දෙදෙනාගේම ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන්ම ඔවුන්ගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් සිදුකළ යුතු සියලුම මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනය පහතින්.

