දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරී පත්වු වර්තමානයේ වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ එම්.කේ.ශිවාජිලිංගම් (69) මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඔහු අද (15) අලුයම අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් වැල්වැටිතුරෙයි රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙලෙස අභාවප්රාප්ත වී තිබෙනවා.
ශිවාජිලිංගම් මහතා 2001 හා 2004 වර්ෂයන්හි දී දෙමළ ජාතික සන්ධානය තුළින් යාපනය දිස්ත්රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව අවස්ථා දෙකක දී පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක්.
ඔහු 2010 ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂයෙකු ලෙස ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වුණා.
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටි ඒ මහතා යුද්ධය නිමාවීමෙන් පසුව පැවති උතුරු නැගෙනහිර උද්ඝෝෂණ, උපවාස හා විරෝධතා වෙනුවෙන් මුලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයෙකු වනවා.
1957 අගෝස්තු 15 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්රදේශයේ උපන් ශිවාජිලිංගම් මහතා LTTE සංවිධානයේ නායක ලෙස කටයුතු කළ ප්රභාකරන්ගේ ළඟම ඥාතියෙකු ලෙසද ඔහු ප්රසිද්ධියට පත්ව සිටියා.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය, වැල්වැටිතුරෙයි ප්රදේශයේ දී සිදුකිරීමට නියමිතයි.
