Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රුසියාවේ පිළිකා එන්නතක් සාර්ථකයි – එන්නත ලබාගත් පළමු රෝගියාට යහපත් ප්‍රතිඵල

‘Neooncovac’ නම් පුද්ගලාරෝපිත mRNA පිළිකා එන්නත ලබාගත් පළමු රෝගියා තම මෙලනෝමා පිළිකා ප්‍රතිකාරය සාර්ථකව අවසන් කර ඇති බව රුසියාවේ Gamaleya පර්යේෂණ මධ්‍යස්ථානය නියෝජනය කරන මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් පවසනවා.

මාස 04ක නිරීක්ෂණයකින් පසුව, එම රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින අතර, CT ස්කෑන් පරීක්ෂණ මගින් නව පිළිකා වර්ධනයන් හෝ පිළිකාව වෙනත් ස්ථානවලට පැතිරීමක් සිදුවී නොමැති බව තහවුරු වී ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

මෙම රෝගියා ඉදිරි වසර 03ක කාලය තුළ අඛණ්ඩව වෛද්‍ය නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

මේ වන විට රෝගීන් හය දෙනෙකුට මෙම ප්‍රතිකාරය ලබා දී ඇති අතර, 2026 වසර අවසන් වන විට පුද්ගලයින් 20 දෙනෙකුට ප්‍රතිකාර ලබාදීම රුසියාවේ ඉලක්කයයි.

විශේෂයෙන්ම, පිළිකාව උත්සන්න වූ අවධියේ පසුවන බොහෝ රෝගීන් තවමත් ඖෂධවලට ප්‍රතිරෝධය දැක්වීමේ අවදානමට සහ සීමිත ප්‍රතිකාර විකල්පයන්ට මුහුණ දෙන පසුබිමක, මෙය වැදගත් ප්‍රගතියක් බවයි විශේෂඥන් පෙන්වා දෙන්නේ.