නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් වාද්දුව, පොතුපිටිය, කහටගහවත්ත ප්රදේශයේ නිවසකට ඇතුළු වී නිවෙස් හිමියාට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබෙනවා.
ඊයේ (14) රාත්රී අටට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණයවන ලෙස හෙල්මට් පැඳද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම පහරදීම සිදුකර තිබෙනවා
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මේ වන විට පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
පහරදීම සිදුකළ පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.
