AFC Banner
AFC Banner
Empty Ad

බෝට්ටුවක් පෙරළී අයෙක් අතුරුදන්

ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරට ලක් වීමෙන් එක් අයෙකු අතුරුදන් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (04) අලුයම මෙම අනතුර සිදු ව ඇති අතර; ධීවර කටයුතු සඳහා මාදගල් මුහුදු ප්‍රදේශයට ධීවරයින් දෙදෙනකු රැගත් යාත්‍රාවක් පිටව ගොස් ඇති බවයි.

බෝට්ටුව පෙරළීමෙන් එක් අයෙකු මුහුදේ පීනමින් සිටියදී ඒ අසලින් ගිය වෙනත් ධීවර යාත්‍රාවක් විසින් බේරා ගෙන තිබෙනවා.

එම පුද්ගලයාව මේ වනවිට නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් ඇති අතර අතුරුදන් වූ ධීවරයා සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?