ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරට ලක් වීමෙන් එක් අයෙකු අතුරුදන් ව තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (04) අලුයම මෙම අනතුර සිදු ව ඇති අතර; ධීවර කටයුතු සඳහා මාදගල් මුහුදු ප්‍රදේශයට ධීවරයින් දෙදෙනකු රැගත් යාත්‍රාවක් පිටව ගොස් ඇති බවයි.
බෝට්ටුව පෙරළීමෙන් එක් අයෙකු මුහුදේ පීනමින් සිටියදී ඒ අසලින් ගිය වෙනත් ධීවර යාත්‍රාවක් විසින් බේරා ගෙන තිබෙනවා.
එම පුද්ගලයාව මේ වනවිට නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙනවිත් ඇති අතර අතුරුදන් වූ ධීවරයා සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.













