බොරතෙල් මිල වැඩි වෙයි

ලෝක වෙළෙඳපොළෙහි නැවතත් බොර තෙල් මිල වැඩිවී තිබෙන බව වාර්තා වෙයි.

විශේෂයෙන්ම අමෙරිකාව මෙන්ම යුරෝපීය රටවල්ද රුසියානු ඉන්ධන සඳහා සම්බාධක පැනවීමට තීරණය කිරීමට ඉඩඇති බව වාර්තාවීමත් සමගම අද (21) බොර තෙල් මිල ඩොලර් 3කින් පමණ වැඩි වී ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 3.44කින් ඉහළ ගිය අතර එහි මිල දැක්වුණේ ඩොලර් 111.37ක් ලෙසය.එය පසුගිය සිකුරාදා ට සාපේක්ෂව 1.2%ක මිල වැඩිවීමකි.යු එස් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 3.54කින් වැඩිවී ඇති අතර අද දිනයේ එහි මිල සටහන් වූයේ ඩොලර් 108.24ක් ලෙසය.

මේ අතර යේමන හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ බොර තෙල් අංගනයකට සති අන්තයේ එල්ලකළ ප්‍රහාරය හේතුවෙන් ද ලෝක වෙළෙඳපොළ ට බොර තෙල් සැපයුම අඩුවී ඇති බව වාර්තා විය.මිල වැඩිවීමට එයද බලපෑ බව සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?