බේරුවල වරාය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, බේරුවල පිහිටි ලයිට් හවුස් භූමියේ සිදුකළ විශේෂ වැටලීමකදී, අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 260ක් වන බවත් වටිනාකම රුපියල් කෝටි තුනහමාරකට ආසන්න බවත් වාර්තා වනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ අංශය වෙත භාර කර තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සහ මෙම ජාවාරමට සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ ජාවාරම පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1





