බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ සිසුවියක් සියදිවි නසාගෙන

මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලබමින් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ සිසුවිය ඊයේ (31) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි ගලහා පොලිසිය සඳහන් කළේ.

23 හැවිරිදි මෙම සිසුවියක නේවාසිකාගාරය තුළවිදුලි පංකාවක එල්ලී සියදිවි හානිකරගෙන ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙලෙස සියදිවී හානිකරගත් සිසුවිය කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මැය මීට දින දෙකකට පමණ පෙර විභාගයක් අවසන්ව යළි නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් පේරාදෙණිය රෝහල වෙත යොමුකර තිබෙනවා.

ගලහා පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?