Empty Ad
AFC Banner
Empty Ad

බස් සහ දුම්රිය ගාස්තු ගැන අද තීරණයක්

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අනිවාර්යයෙන්ම බස් හා දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා.

පවතින තත්ත්වය මත ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද (22 ) පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස්, ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ඇතුළු ප්‍රවාහන බලධාරීහු මෙම සාකච්ඡාවට කැඳවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?