11 වැනි රයිසිනා සමුළුව ඇරඹෙයි – තේමා හයක් ඔස්සේ සාකච්ඡා

ජාත්‍යන්තර ප්‍රජාව මුහුණදෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා කැප වී කටයුතු කරන භූ දේශපාලනය සහ භූ ආර්ථිකය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම සමුළුව රයිසිනා සංවාදයයි.

11 වන රයිසිනා සංවාදය ඊයේ (05) ආරම්භ වූ අතර එය හෙට (07) දින දක්වා පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙම සමුළුව සමාරම්භය සනිටුහන් කළ බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය නිවේදනය කළා.

ෆින්ලන්ත ජනාධිපති ආචාර්ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් සමාරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වුණා.

රටවල් 110ක අමාත්‍යවරුන්, හිටපු රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හමුදාපතිවරුන්, විවිධ කර්මාන්ත නායකයන්, තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, අධ්‍යාපනඥයන්, මාධ්‍යවේදීන්, මූලෝපායික කටයුතු සම්බන්ධ විද්වතුන්, ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩලවල ප්‍රවීණයන් සහ තරුණ තරුණියන් ඇතුළු නියෝජිතයන් රැසක් 11 වන රයිසිනා සංවාදය සඳහා සහභාගී වනු ඇති.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද රයිසිනා සංවාදය සඳහා සහභාගී වන බවත් වාර්තා වනවා.

මෙම වසරේ රයිසිනා සංවාදයේ තේමාව වන්නේ “සම්ස්කාරා – අවධාරණය, සහයෝගය, ප්‍රගතිය” යන්නයි.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සංවාදය අතරතුර දී තීරණ ගන්නන් සහ ලෝකයේ විද්වතුන් සහ ක්ෂේත්‍ර ප්‍රමුඛයන් වැනි නායකයන් තේමාත්මක කුලුණු හයක් යටතේ විවිධ ආකෘතීන් ඔස්සේ එකිනෙකා සමඟ සංවාදයන් හි නිරත වනවා.

එම තේමා වන්නේ,

i) තරග වදින දේශසීමා: බලය, ධ්‍රැවීයතාවය සහ මායිම්

(ii) පොදු සම්පත් ආරක්ෂා කිරීම: නව කණ්ඩායම්, නව භාරකරුවන්, නව මාර්ග

iii) White Whale: එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ ප්‍රයත්න

(iv) The Eleventh Hour: දේශගුණය, ගැටුම සහ ප්‍රමාදයේ පිරිවැය

(v) Tomorrowland: අනාගත ලෝකයේ තාක්ෂණය (vi) තීරු බදු හමුවේ වෙළෙඳාම: යථා තත්ත්වයට පත්වීම, ඔරොත්තු දීමේ හැකියාව සහ නව මාර්ග සොයා ගැනීම යනාදියයි.

රටවල් 110ක නියෝජිතයන් 2700ක් පමණ සංවාදය සඳහා සහභාගී වනු ඇති අතර එය විවිධ ඩිජිටල් වේදිකාවන් ඔස්සේ ලොව පුරා මිලියන ගණනක ජනතාව විසින් නරඹනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19