ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

ඉරානයේ බාලිකා පාසලක සිටි 175 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා.

මහ කොමසාරිස්වරයා පවසන්නේ කඩිනම් සහ විනිවිද හවයකින් යුතු පරීක්ෂණයක් මේ සඳහන් අවශ්‍ය බවයි.

“මෙය ඉතා ඉක්මනින් සිදුවීමට අවශ්‍ය වන අතර වින්දිතයින් සඳහා වගවීමක් මෙන්ම සහනයක් ද ඇති බවට අප සහතික විය යුතුය” යනුවෙන් ඔහු අවධාරණය කර සිටියා.

ඉරානයට ඇමරිකාව ඇමරිකාව සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කළ පසුගිය 28 වනදා දකුණු ඉරාන නගරයක් වන මිනාබ් හි ප්‍රාථමික බාලිකා පාසලකට ප්‍රහාරයක් එල්ල වුණා.

මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති පසුබිමක, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ක්‍රියාත්මක කරන ලද යාබද නාවික කඳවුරකට එල්ල කරන ලද ප්‍රහාර සමඟ මෙම පාසල් ගොඩනැගිල්ලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායලය පවසන්නේ එම ප්‍රදේශයේ කිසිදු මෙහෙයුමක් පිළිබඳව තමන් දැනුවත් නොවූ බවයි, එමෙන්ම එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ වොෂින්ටනය තවමත් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් එය “කිසි විටෙකත් සිවිල් පුද්ගලයින් ඉලක්ක නොකරන” බවයි.

  1. ඇයි ” කඩිනම් පරීක්ෂණයක් ” කරල මොන කෙන්ගෙඩියක් කරන්නද ?
    ඔය සංගමය හරියට අපේ පුස්තකාල සංගමය වගේ එකක්නෙ. ඔහේ ඉන්න එවුන් ටික පඩි අරගෙන හොඳට කකා බිබී ඉඳලා හිටලා කොහේ හරි සමුළුවක් තියලා මොනවා මොනව හරි ප්‍රකාශ නිකුත් කර කර නිකම් කාලෙ මර මරා ඉන්නවා.. එච්චරයි..
    නැත්නම් මෙච්චර මිනිස්සු , දේපොළ විනාශ වෙන යුද්දේ නවත්වන්න පුළුවන් නෙ.
    මුන් කියන දේවල් ඇමරිකාව , ඊශ්‍රායලය .. වගේ රටවල් පඩේකට ගනන් ගන්නෙ නෑ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11