ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

ඉරානයේ බාලිකා පාසලක සිටි 175 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා.

මහ කොමසාරිස්වරයා පවසන්නේ කඩිනම් සහ විනිවිද හවයකින් යුතු පරීක්ෂණයක් මේ සඳහන් අවශ්‍ය බවයි.

“මෙය ඉතා ඉක්මනින් සිදුවීමට අවශ්‍ය වන අතර වින්දිතයින් සඳහා වගවීමක් මෙන්ම සහනයක් ද ඇති බවට අප සහතික විය යුතුය” යනුවෙන් ඔහු අවධාරණය කර සිටියා.

ඉරානයට ඇමරිකාව ඇමරිකාව සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කළ පසුගිය 28 වනදා දකුණු ඉරාන නගරයක් වන මිනාබ් හි ප්‍රාථමික බාලිකා පාසලකට ප්‍රහාරයක් එල්ල වුණා.

මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති පසුබිමක, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ක්‍රියාත්මක කරන ලද යාබද නාවික කඳවුරකට එල්ල කරන ලද ප්‍රහාර සමඟ මෙම පාසල් ගොඩනැගිල්ලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊශ්‍රායලය පවසන්නේ එම ප්‍රදේශයේ කිසිදු මෙහෙයුමක් පිළිබඳව තමන් දැනුවත් නොවූ බවයි, එමෙන්ම එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසුවේ වොෂින්ටනය තවමත් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් එය “කිසි විටෙකත් සිවිල් පුද්ගලයින් ඉලක්ක නොකරන” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59