ජනපති අනුර, රත්මලාන ගුවන් හමුදා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ ආරම්භ කෙරුණා.

ගුවන් හමුදා කඳවුර වෙත ගිය සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායකව ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනුණා.

මෙහිදී, විශේෂ ගුවන් සංදර්ශනය නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක් වුණා.

ජනාධිපතිවරයා ගුවන් හමුදා කෞතුකාගාරයේදී විශේෂ සමරු සටහනක්ද තැබු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිහිවටන තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 75ක ගෞරවනීය සේවාව මහජනතාව සමඟ බෙදාගැනීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සංවිධානය කර තිබෙන අතර ගගන ශිල්පීය හා ගුවන් තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනික වශයෙන් වැදගත් විවිධ කුටි රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විතයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා සමීපව දැක ගැනීමට හා ඒවා පිළිබඳ තාක්ෂණික තොරතරු දැන ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවන අතර, ගුවන් හමුදාව සතු සියලුම වෘත්තීන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් නිර්මාණය වූ කුටි සහ ගුවන් පියාසැරිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා මෙන්ම සිවිල් ගුවන් යානා රැසක් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.

එමෙන්ම, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර්, ප්‍රවාහන ගුවන් යානා මෙන්ම ජෙට් යානාවලින් සිදු කෙරෙන ගුවන් කරණම් සංදර්ශන, රාත්‍රී ඩ්‍රෝන සංදර්ශන, ගුවන් හමුදා සුනඛ සංදර්ශන, ගුවන් හමුදා විශේෂ ඒකක විසින් ඉදිරිපත් කරන ලද මුදා ගැනීමේ මෙහෙයුම්, ගිනි නිවීමේ සංදර්ශනයක්, පැරිෂුට් සංදර්ශන සහ සරඹ සංදර්ශන, අංගම්පොර සටන් සංදර්ශන හා සංස්කෘතික අංග රැසකින් මෙය සමන්විතය.මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අද (06) සිට මාර්තු 08 වනදා දක්වා, දිනපතා දහවල් 02.00 සිට රාත්‍රී 10.00 දක්වා මහජනතාවට විවෘතයි.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන ප්‍රමුඛ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27