බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස් රථයක් සහ යකඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්මෙන් අනතුරක් සිදුව තිබේ.

අද (09) අලුයම සිදුවූ එම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 07දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත්කර තිබූ බව සීගිරිය පොලීසිය පැවසීය.

ත්‍රිකුණාමලයෙන් කොළඹ බලා පැමිණීමට ගමන් ආරම්භකර තිබු බස් රථයක් එලෙස අනතුරට පත්ව තිබුණි.

බස් රථය වෙනත් රථයක් ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී ඇත.

භාණ්ඩ බෑම සඳහා ලොරි රථයේ සවිකර තිබූ කොටස අනතුරත් සමග බස් රථයේ වහලය සිදුරු කරගෙන බස්රථය තුළට ගොස් තිබුණි.

බස් රථ රියදුරුගේ නොසැලකිලිමත්කම නිසා එම අනතුර සිදුව ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
 
තුවාලකරුවන් අතර වයස අවුරුදු 03 දැරියක් ද වන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?