බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස් රථයක් සහ යකඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්මෙන් අනතුරක් සිදුව තිබේ.

අද (09) අලුයම සිදුවූ එම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 07දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත්කර තිබූ බව සීගිරිය පොලීසිය පැවසීය.

ත්‍රිකුණාමලයෙන් කොළඹ බලා පැමිණීමට ගමන් ආරම්භකර තිබු බස් රථයක් එලෙස අනතුරට පත්ව තිබුණි.

බස් රථය වෙනත් රථයක් ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී ඇත.

භාණ්ඩ බෑම සඳහා ලොරි රථයේ සවිකර තිබූ කොටස අනතුරත් සමග බස් රථයේ වහලය සිදුරු කරගෙන බස්රථය තුළට ගොස් තිබුණි.

බස් රථ රියදුරුගේ නොසැලකිලිමත්කම නිසා එම අනතුර සිදුව ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
 
තුවාලකරුවන් අතර වයස අවුරුදු 03 දැරියක් ද වන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09