AFC Banner
Empty Ad
Empty Ad

බලයට ආපු හැම ආණ්ඩුවක්ම කළේ එකම දේ තමයි

අද රටට වෙලා තියෙන දේ තමයි නිවැරදි ආර්ථික කළමනාකරණය නොකරගත්තු ලෝකය වෙනස් විදිය හඳුනා නොගත් රටක පුද්ගලයෝ බවට තමයි අපි අද පත්වෙලා ඉන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අලව්ව උඩකැකුලාවල පුරාණ විහාරස්ථානයේ ඉදිකරමින් ඇති අටවිසි බුද්ධ ප්‍රතිමා කටයුතු පිළිබඳ සොයා බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින්

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවසීය

අපි අද මේ වන විටත් භුක්ති විදින්නේ කොවිඩ් වසංගත තත්ත්වයට අමතරව දීර්ඝ කාලීන සිදු වූ ආර්ථික ක්‍රමවේදයන්ගේ තිබුණු සමහර ඌනතා වල ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විදින්නේ… අපි දන්නවා නිදහසින් පස්සේ බලයට පත් වුණු සෑම ආණ්ඩුවක්ම ලංකාවේ දියුණුවක් ඇති කරන්න අවශ්‍ය දේශීය නිෂ්පාදන වගේම ඒ නිෂ්පාදන පිටරටට විකුණන්න දිරි දෙන උපාය මාර්ග පාවිච්චි කරනවා වෙනුවට කරගෙන ආවේ සුභසාධන ක්‍රියාවලිය දියුණු කරන කාරණාව පමණයි.. මම අදහස් කරන්නේ නැහැ සුභසාධනය නරකයි කියලා.. නමුත් සෑම අංශයෙන්ම සුභසාධනය පවත්වාගෙන යන්න නම් අපිට මුදල් අවශ්‍යයි කියලා රට කර වු කිසිදු පාලකයෙක් කල්පනා කෙරුවේ නැහැ.. එයට අවශ්‍ය සියලුම දේවල් අපේ රට තුලින්ම හොයන්නත් බැහැ එයට ජාත්‍යන්තර වශයෙන් අපි වෙළඳපොළ ආක්‍රමණය කළ යුතුයි කියලා අපි කවදාවත් කල්පනා කළේ නැහැ… අපි එදා ඉඳලා දිගින් දිගටම කළේ රාජ්‍ය අංශය ශක්තිමත් කෙරුවා මිසක් පෞද්ගලික අංශයට ඉඩක් ලබා දෙන්න කටයුතු කළේ නැහැ ඒ වගේම තාක්ෂණික දියුණුවක් ඇති කරන වැඩපිළිවෙලක අපි කිසිම කෙනෙක් හිතුවෙ නැහැ අපට වඩා අනිත් සෑම රටක්ම ඉස්සරහට ගියා.. ඔවුන් තමන්ගේ රටේ තාක්ෂණය දියුණු කලා වගේම වෙළෙඳපොළ උපාය මාර්ග වෙනස් කළා රටින් පිටට ගෙන යන්න අවශ්‍ය භාණ්ඩ වලට ප්‍රමුඛතාවන් නිර්මාණය කලා අපි සුභසාධනය මත පමණක් රැඳිලා ඉඳලා මූලික වශයෙන් සුභසාධනය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ආර්ථික කළමනාකරණය අපි කළේ නැහැ එහි ප්‍රතිඵලය තමයි අපි අද මේ භුක්ති විඳීන්නේ කොවිඩ් වසංගතය මේ අර්බුද තත්ත්වය තවත් දරුණු කළා එක පැත්තකින් අපි එන අවුරුදු 05 ඇතුලත ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක් අපි ගෙවන්න තියෙනවා දළ වශයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 4 ½ (හතර හමාරක්) විතර වත්මන් කොවිඩ් වසංගතය හමුවේ මේ ප්‍රශ්නය උග්‍ර වුණා.

අපට සාම්ප්‍රදායික ආදායම වශයෙන් ලැබුණු සංචාරක කර්මාන්තය බිඳ වැටුණා මැදපෙරදිග සේවය කරන අයගෙන් රටට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වුණා වගේම වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන ආදායම් විශාල වශයෙන් අඩු වුණා .
අපි සම්පූර්ණයෙන්ම රැඳිල ඉන්නෙ ඇඟලුම් කර්මාන්තය හා සාම්ප්‍රදායික වැවිලි කර්මාන්තය මත ලැබෙන මුදල් ප්‍රමාණය මත පමණයි. ඒ නිසා අපට ඉදිරියේදී විශාල අභියෝගයක් තියෙනවා මේ වසංගතය අවසන් වුවත් ඒ අභියෝගයට මුහුණ දෙන්න ආර්ථිකය හැඩගැස්වීමේ ක්‍රමවේදය ගැන අපි දැන් කල්පනා කරන්න අවශ්‍යයි.

මම කියන්නේ මහජනතාවට ඇත්ත කියලා රජයේ තියෙන ඇත්ත තත්ත්වය සම්පූර්ණයෙන්ම කියලා අපි ඒ වෙනුවෙන් කොහොමද පෙළ ගැහෙන්නේ කියන එකත් නාස්තිකාර වියදම් අඩු කරලා අවශ්‍ය වියදම් ප්‍රමාණය වැඩි කරලා ආර්ථිකය නව හැඩ ගැස්මකට ගේන්න ජනතාව එක්ක සමගාමී ගමනක් යන්න අවශ්‍යයි. රජයේ පාර්ශවයෙන් දිගින් දිගටම බොරුවට ජනතාවට කියනවා නම් “රජයට මුදල් ඕන තරම් තියෙනවා රජයේ කරගෙන යන්න ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ…. වැනි ප්‍රකාශ නොකළ යුතුයි.
මෙවැනි නිවැරදි ක්‍රමවේදයක් අනුගමණය නොකිරීම නිසා අපි ආසියාවේ දුර්වල රටක් බවට අද පත්වෙලා තියෙනවා මෙය එක දවසක වු කාරණාවක් නිසා සිදු වූවක් නොවෙයි දීර්ඝ කාලයක් තිස්සේ නොකර අතහැරපු නිසයි මේ තත්ත්වය උදා වෙලා තිබෙන්නේ.

මම මෙහෙම කියන්නේ කරුණු ගණනාවක් එක්ක ඔබට මතක ඇති අපේ තේ කර්මාන්තය දියුණු වෙලා තිබුණු 71 වර්ෂයේ ජනසතුවට පෙර තේ කර්මාන්තය ඇතුළු කර්මාන්තශාලා වලට අවශ්‍ය සියලුම කාර්මික උපකරණ නිර්මාණය කළේ අපේ රටේ ජනසතු ව්‍යාපාරයත් අපේ පෞද්ගලික අංශය මුළුමනින්ම වගේ අඩපණ කලා අඩු ගානේ එක දියුණු වුනා නම් ප්‍රශ්නයක් නැහැ ඒත් දියුණු වුණේ නැහැ මොකද විවිධ පිරිස් හා රජයේ නිල දරුවන්ගේ හිතවතුන් ආයතන සභාපති වරු බවට පත්වෙලා ඒ අංශ විනාශ කළා. අද බලන්න රාජ්‍ය අංශය රටට මහ බරක් විශේෂයෙන් ලංකාවේ ගත්තොත් ගුවන් සේවය, තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය , දුම්රිය සේවය හා තැපැල් සේවය අද අපේ අයවැය මුදල් ගිලදමන මහා රකුසෙක් වෙලා ඉවරයි .අඩු ගානේ අපි ඒකෙන් එළියට එන්නට වත් කල්පනා කරලා නැහැ ආර්ථිකය පිළිබඳ කියවීමෙ දි මගේ නම් හිතෙන්නේ මේ පිළිබඳ නිවැරදිව ජනතාව එක්ක කතා කරලා ඒවා නැවත සැරයක් කොහොමද අලුත් ආර්ථික ස්ථාවරයකට අප ගමන් කරන්නේ කියන එක ..අද රටට වෙලා තියෙන දේ තමයි නිවැරදි ආර්ථික කළමනාකරණය නොකරගත්තු ලෝකය වෙනස් විදිය හඳුනා නොගත් රටක පුද්ගලයෝ බවට තමයි අපි අද පත්වෙලා ඉන්නේ.. වෙනස් ක්‍රමයකට කල්පනා නොකලොත් රට මීට වඩා දරුණු වෙනවා හැරෙන්න උත්තරයක් මට පෙනෙන තෙක් මානෙක නම් නැහැ … මේ දවස් වල තෙල් මිල වැඩි කිරීමක් ගැන කතා කරනවා තෙල් මිලට ප්‍රශ්න කීපයක් තියෙනවා තෙල් සංස්ථාවට පනතින් බලය ලැබිලා තියෙනවා ඉන්ධන ලංකාවට ගෙන්න අපිට තියෙනවා 1967 හදපු පිරිපහදුවක් මධ්‍යස්ථානයක් හැබැයි එය දැන් පරණයි එයට බොර තෙල් දැම්මට අපිට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නැහැ අපේ ඉන්ධන අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් වත් එයින් ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි ලෝක වෙළෙඳපළෙන් ඉන්ධන මිළ දී ගන්නවා නිමි නිෂ්පාදන හැටියට ඒ ගන්න ඉන්ධන අද ඊයේ නෙවෙයි දීර්ඝ කාලයක ඉඳන් මිලදී ගත් මුදලට වෙළඳපොළට විකුණලා නැහැ ඒ නිසා තෙල් සංස්ථාවට පාඩුයි විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දෙන්නේ පිටරටින් ගන්න මිලට වඩා අඩුවෙන් ඒ විතරක් නෙවෙයි ගුවන් සේවයට දුම්රිය බස් රියටත් එහෙමයි අනෙකුත් රාජ්‍ය ආයතන වලටත් ඉන්ධන ලබා දෙන්නේ පසුව මුදල් ගෙවීමේ පදනම මත ඒ නිසා තෙල් සංස්ථාවට සිදුවෙන්නේ අධික ලෙස බැංකුවලින් ණය ලබා ගන්න සිදුවෙනවා ඒ කියන්නේ කියන්නේ පිටරටින් ඉන්ධන ලබාගන්න හා විකුණුම් අලාභය පියවා ගන්න ණය ගන්න සිදුවෙනවා වගේම තෙල් සංස්ථාව එක්තරා විදිහක වෙස්සන්තර රජ කෙනෙක්ගේ භූමිය ඉටු කරන්නේ මම ඛනිජ තෙල් අමාත්‍යව සිටිය කාලේ ඒ වෙනුවෙන් ගොඩක් සටන් කරලාවෙනස්කම් කීපයක් කරලා ලාභ ඇති කරලා තියෙනවා.
අවාසනාවට වගේ ලංකාවේ තෙල් මිල නියම කරන්න තියෙන්නේ භාණ්ඩාගාරයට එතනයි මේ වැරැද්ද පනත හරහා තෙල් සංස්ථාවට තමන්ගේ නියම මිලට ඉන්ධන විකුණන්න කවදාවත් ඉඩ ලැබිලා නැහැ ඒ වාගේම භාණ්ඩාගාරයෙන් තෙල් සංස්ථාවට ලැබීය යුතු මුදල් ඒ කියන්නේ භාණ්ඩාගාරයෙන් ඉන්ධන වල මිල අඩු කරන්න කියපු මුදල් ප්‍රමාණය තෙල් සංස්ථාවට කවදාවත් ලැබිලා නැහැ ඒ අනුව මෙය එහෙන් පිටින්ම වැරදි කළමනාකරණයක් නිසා ඇතිවුණු පාඩුවක් සඳහා තමයි අපි මේ තෙල් මිල වැඩි කරගෙන තියෙන්නේ නමුත් ඒක කරන්න දෙයක් නැහැ මේ ක්‍රමය වෙනස් වෙන්නෙත් නැහැනේ මෙය වැරදි ආර්ථික කළමනාකරණයෙ එක කොටසක් ඒ නිසා මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරලා ජනතාවට අඩුමිලට ඉන්ධන දෙන්න අවශ්‍යයි. මම කියන්න ඉන්ධන රජයේ ආයතන මිලදී ගන්නවානම් ඒ සඳහා මුදල් ගෙවීමක් කරන්න අවශ්‍යයි ඒ මොහොතේම.. මෙහෙම තත්ත්වයක් තිබියදීත් අපි ආසියාවේ වැඩිම විදුලිබිල කුත් ගෙවනවා අඩු ගානට විදුලිබල මණ්ඩලයට සංස්ථාවෙන් ඩිසල් දීලා ආණ්ඩුවෙන් හදපු ජල විදුලි බලාගාර වලින් විදුලියත් ලබාදී ලත් අපේ රටේ පාරිභෝගිකයින් ආසියාවේ ඉහළම විදුලි බිල ගෙවන්න වෙලා තියෙනවා අවසානයේ මේ හැම අලාභයක්ම ගෙවන්නේ වෙන්නේ මහජනතාවයි. මම ඒකයි හැම මොහොතකම කියන්නේ නිවැරදි කළමනාකාරිත්වයකට සෑම අංශයක්ම ගොඩනගන්න අවශ්‍යයි නැත්නම් අපට කවදාවත් ඉස්සරහට යන්න බැහැ හැමදාම අපට පරණ සෙල්ලම් කරන්න බැහැ අරයට නිකන් දෙන්න මේයාට අඩුවෙන් දෙන්න ඒ පාඩුව ජනතාව දරන්න කියන සංකල්පයට යන්න බැහැ ඕනෑම රජයෙ ආයතනයක් පාඩු ලැබීමේ දී එක ගෙවන්නේ කවුද ? ඒවා ගෙවන්නේ ජනතාව බදු මුදලින් “මේක තමයි ඇත්ත” ඒ නිසා මේ පිළිබඳව අපි වගකීම අරගෙන නැවත අලුතෙන් හිතන්න පුළුවන් වැඩපිළිවෙළකට හැකි ඉක්මනින් අපි යා යුතුයි… ඕනෑම ආණ්ඩුවක් රඳා පවතින්නේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම මත පමණයි ආණ්ඩුවක ප්‍රධාන කාර්යය මනුෂ්‍යයාව තෘප්තිමත් කිරීමයි ආණ්ඩුවක් සෑම වෙලාවකම මහජනයා සමඟ සත්‍ය තත්ත්වය සාකච්ඡා කරමින් ආණ්ඩුව තමන්ගේ කාර්යයන්ගේ නිරවද්යභාවය මහජනයා සමඟ ගනුදෙනුවක් කරන්න අවශ්‍යයි ..අපි ඇත්ත කතා කරලා සන්නිවේදනය නිවැරදිව කළොත් ජනතාව එය හරියට තේරෙනවා ජනතාව මෝඩයෝ නෙවෙයි උගත් මිනිස්සු ඒ නිසා සන්නිවේදනය හරියට කළොත් ඒ දේ මිනිස්සු පිළිගන්නවා ඒ දේ හරියට නොකරන නිසයි අද මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය .

ඩිමේෂ් අධිකාරී -පොල්ගහවෙල – ගොසිප් ලංකා නිව්ස් වාර්තාකරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?