‘නෙඩුන්තාරකයි’ මගී යාත්‍රාව නාවික හමුදාවෙන් RDA වෙත පිරිනැමෙයි

යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවා ඇති ‘නෙඩුන්තාරකයි’ නමැති මගී ප්‍රවාහන යාත්‍රාව, නාවික හමුදාව මගින් නවීකරණය කිරීමෙන් අනතුරුව, මෙහෙයුම් කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම ඊයේ (19) ඩෙල්ෆ්ට් ජැටියේ දී සිදු කරනු ලැබුවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මගපෙන්වීමෙන්, ‘නෙඩුන්තාරකයි‘ මගී ප්‍රවාහන යාත්‍රාවේ අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ යාත්‍රා අලුත්වැඩියා අංගනයේ දී සිදු කෙරුණු බවයි.

එම අලුත්වැඩියා සහ නවීකරණ කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීමෙන් පසු, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රෝහිත අබේසිංහගේ හා උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස ඩෙල්ෆ්ට් දූපතේ ජැටියේ දී සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08