බදු ගෙවීම් පැහැර හැර ඇති පිරිස බදු දැලට ගෙන ඒමට අවශ්‍යයි

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියද බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පෙබරවාරි මස පළමු වන දා සිට TIN අංකය ක්‍රියාත්මක කිරිම ආරම්භ කිරීමට සූදානමක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දැනට එහි ලියාපදිංචි වීමේ දී ගැටලු පවතින අතර එම ගැටලු විසඳීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මැදිහත්වීමක් සිදුකිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?