AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් රාලහාමිගේ පෙම් පලහිලව්ව උසාවියට ගිහින්

පොලිස් නිලධාරියකුගේ පෙම් පලහිලව්වක්  මුල්කරගෙන දෙපාර්ශ්වයක් අතර සිදුවූ ගැටුමකට සම්බන්ධ අටදෙනකු තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරියේ තඹුත්තේගම ප්‍රදේශයේම පදිංචි කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් පස්දෙනෙකි.

පොලිස් නිලධාරියකු තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ යැයි පවසා ඔහුගේ නීත්‍යනුකූල බිරිය හා ඇගේ දරුවන් පසුගිය 15දා සවස ත්‍රිරෝද රථයක හා යතුරුපැදියකින්  අනියම් සම්බන්ධතාව පවත්වනවා යැයි සැක කාන්තාවගේ නිවෙසට ගොස් ඇයට හා දරුවන්ට පහරදී ඇති බවට එම කාන්තාව විසිනුත් තමන්ට හා තම දරුවන්ට පහරදුන් බවට පොලිස් නිලධාරියාගේ නීත්‍යනුකූල බිරිය විසිනුත් පොලිසියට පැමිණිලි කළ බව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

දෙපාර්ශ්වයේම පිරිස් තඹුත්තේගම රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන පිටවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මින් ඉදිරියට දෙපාර්ශ්වයම කිසිදු ගැටුමකට සම්බන්ධ නොවීමට වගබලා ගතයුතු බවත් අදාළ පාර්ශ්වයන්ගේ නිවෙස්වලට අනෙක් පාර්ශ්වයට ගොස් තර්ජනය නොකිරීමට වගබලා ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයටම දැඩි ලෙස අවවාද කළේය.

අනියම් බිරියගේ පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ශ්‍රී ලාල් මහෙෂ් තලංගල්ල මහතාද නීත්‍යනුකූල භාර්යාවගේ පාර්ශ්වය වෙනුවෙන්  නීතිඥ සමන් බණ්ඩාර මහතාද පෙනී සිටියහ. තඹුත්තේගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ. අතුකෝරල මහතාගේ උපදෙස් මත පො.කො. හේරත් (68629) මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

මව්බිම

රාජාංගණය – කේ.එම්. චන්දික

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?