පොලිස් රාලහාමිගේ පෙම් පලහිලව්ව උසාවියට ගිහින්

පොලිස් නිලධාරියකුගේ පෙම් පලහිලව්වක්  මුල්කරගෙන දෙපාර්ශ්වයක් අතර සිදුවූ ගැටුමකට සම්බන්ධ අටදෙනකු තඹුත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහැරියේ තඹුත්තේගම ප්‍රදේශයේම පදිංචි කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් පස්දෙනෙකි.

පොලිස් නිලධාරියකු තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ යැයි පවසා ඔහුගේ නීත්‍යනුකූල බිරිය හා ඇගේ දරුවන් පසුගිය 15දා සවස ත්‍රිරෝද රථයක හා යතුරුපැදියකින්  අනියම් සම්බන්ධතාව පවත්වනවා යැයි සැක කාන්තාවගේ නිවෙසට ගොස් ඇයට හා දරුවන්ට පහරදී ඇති බවට එම කාන්තාව විසිනුත් තමන්ට හා තම දරුවන්ට පහරදුන් බවට පොලිස් නිලධාරියාගේ නීත්‍යනුකූල බිරිය විසිනුත් පොලිසියට පැමිණිලි කළ බව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

දෙපාර්ශ්වයේම පිරිස් තඹුත්තේගම රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන පිටවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මින් ඉදිරියට දෙපාර්ශ්වයම කිසිදු ගැටුමකට සම්බන්ධ නොවීමට වගබලා ගතයුතු බවත් අදාළ පාර්ශ්වයන්ගේ නිවෙස්වලට අනෙක් පාර්ශ්වයට ගොස් තර්ජනය නොකිරීමට වගබලා ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයටම දැඩි ලෙස අවවාද කළේය.

අනියම් බිරියගේ පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ශ්‍රී ලාල් මහෙෂ් තලංගල්ල මහතාද නීත්‍යනුකූල භාර්යාවගේ පාර්ශ්වය වෙනුවෙන්  නීතිඥ සමන් බණ්ඩාර මහතාද පෙනී සිටියහ. තඹුත්තේගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ජේ. අතුකෝරල මහතාගේ උපදෙස් මත පො.කො. හේරත් (68629) මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

මව්බිම

රාජාංගණය – කේ.එම්. චන්දික

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03