පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථය නිසා තිදෙනෙක්ට බරපතල තුවාල

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් මනිපායි, නවාලි ප්‍රදේශයේ දී ටේලර් සාප්පුවක සහ වෙළඳසැලක ගැටී බරපතල අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී 08.15 පමණ සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මනිපායි පොලිසිය විසින් රථය නවත්වන ලෙසට රියදුරුට අණකර ඇති නමුත් අණ නොතැකූ මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කිරීමට රියදුරු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රියදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය මාර්ගයෙන් ඉවතත ගොස් අසළ තිබූ වෙළඳසැලක සහ ටේලර් සාප්පුවක ගැටී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම ටේලර් සාප්පුවෙහි සිටි පුද්ගලයන් තිදෙනෙක් මෙම අනතුරින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරු සිදු වීමෙන් පසුව මනිපායි පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී රියදුරු මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මනිපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර රියදුරු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?