පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථය නිසා තිදෙනෙක්ට බරපතල තුවාල

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් මනිපායි, නවාලි ප්‍රදේශයේ දී ටේලර් සාප්පුවක සහ වෙළඳසැලක ගැටී බරපතල අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී 08.15 පමණ සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මනිපායි පොලිසිය විසින් රථය නවත්වන ලෙසට රියදුරුට අණකර ඇති නමුත් අණ නොතැකූ මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කිරීමට රියදුරු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රියදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය මාර්ගයෙන් ඉවතත ගොස් අසළ තිබූ වෙළඳසැලක සහ ටේලර් සාප්පුවක ගැටී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම ටේලර් සාප්පුවෙහි සිටි පුද්ගලයන් තිදෙනෙක් මෙම අනතුරින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරු සිදු වීමෙන් පසුව මනිපායි පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී රියදුරු මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මනිපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර රියදුරු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. මානිපායි පොලීසියෙ නම් මත්පැන් බීලද කියල දැනගන්න අවෂ්‍ය උපකරන කට්ටල තිබිල තියෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40