AFC Banner
AFC Banner
Empty Ad

පෙරටුගාමීන්ගෙන් පොලිසියට චෝදනා රැසක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට එරෙහිවත්, ඉන්දියාව සිදු කරන ආර්ථික – දේශපාලන බලහත්කාරයට එරෙහිවත්, ආර්ථික අර්බුදයේ මුළු බර ජනතාව මත පටවා ධනවතුන් නිදහස් කිරීමට එරෙහිව පසුගිය මාර්තු 20 දින ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.

එම උද්ඝෝෂණය සදහා දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් එක්ව සිටියා.

කෙසේ වෙතත් අද (22) දින පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කළේ පොලීසිය එම උද්ඝෝෂණයට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවයි.

මෙහිදී උද්ඝෝෂකයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් එම පිරිසෙන් 05 දෙනෙකු පොලීසියට පහර දුන් බවට චෝදනා නගමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කර ඇති බවත් පුබුදු ජයගොඩ මෙහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අදාළ පෙරෙට්ටුව අද (22)දිනට නියමිතව තිබියදී පොලීසියේ දෙදෙනෙක් නොපැමිණීම හේතුවෙන් සැකකරුවන් එළඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම පිරිස අතරට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ලහිරු වීරසේකර ඇතුළු සිව් දෙනෙක් ඇතුළත්.

අත්අඩංගුවට ගත් අනෙක් පිරිස හට ඇප ලබා දී මෙම පිරිසට ඇප ලබා නොදීම ප්‍රශ්න සහගත බව පවසන පුබුදු ජයගොඩ සදහන් කලේ මෙම සිදුවීම පිටුපස පොලීසියේ කුමන්ත්‍රණයක් පවතින බවයි.

අදාළ උද්ඝෝෂණයට එරෙහි අධිකරණ නියෝගයක් නොමැති බැවින් මෙම පිරිසට එවැනි නියෝග කඩ කිරීමේ චෝදනාවක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?