පෙරටුගාමීන්ගෙන් පොලිසියට චෝදනා රැසක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට එරෙහිවත්, ඉන්දියාව සිදු කරන ආර්ථික – දේශපාලන බලහත්කාරයට එරෙහිවත්, ආර්ථික අර්බුදයේ මුළු බර ජනතාව මත පටවා ධනවතුන් නිදහස් කිරීමට එරෙහිව පසුගිය මාර්තු 20 දින ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.

එම උද්ඝෝෂණය සදහා දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් එක්ව සිටියා.

කෙසේ වෙතත් අද (22) දින පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කළේ පොලීසිය එම උද්ඝෝෂණයට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවයි.

මෙහිදී උද්ඝෝෂකයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් එම පිරිසෙන් 05 දෙනෙකු පොලීසියට පහර දුන් බවට චෝදනා නගමින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කර ඇති බවත් පුබුදු ජයගොඩ මෙහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අදාළ පෙරෙට්ටුව අද (22)දිනට නියමිතව තිබියදී පොලීසියේ දෙදෙනෙක් නොපැමිණීම හේතුවෙන් සැකකරුවන් එළඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම පිරිස අතරට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ ලහිරු වීරසේකර ඇතුළු සිව් දෙනෙක් ඇතුළත්.

අත්අඩංගුවට ගත් අනෙක් පිරිස හට ඇප ලබා දී මෙම පිරිසට ඇප ලබා නොදීම ප්‍රශ්න සහගත බව පවසන පුබුදු ජයගොඩ සදහන් කලේ මෙම සිදුවීම පිටුපස පොලීසියේ කුමන්ත්‍රණයක් පවතින බවයි.

අදාළ උද්ඝෝෂණයට එරෙහි අධිකරණ නියෝගයක් නොමැති බැවින් මෙම පිරිසට එවැනි නියෝග කඩ කිරීමේ චෝදනාවක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31