පුනරුත්පත්තිය ගැන ලොවම බලා සිටි පණිවිඩය දලයි ලාමා ප්‍රකාශයට පත් කරයි

ටිබෙට් බෞද්ධ ආධ්‍යාත්මික නායක දලයි ලාමා, තම මරණයෙන් පසු සිය පදවිය සඳහා අනුප්‍රාප්තිකයෙකු සිටින බව තහවුරු කර තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි එම නිවේදනය ඔහු ප්‍රකාශයට පත් කළේ, චීන පාලනයෙන් පිටුවහල්ව ජීවත් වන උතුරු ඉන්දියාවේ ධරම්සාලාහිදී ය.

දලයි ලාමා පැවසුවේ, ඔහුගේ අනාගත පුනරුත්පත්තිය හඳුනා ගැනීමට බලය ඇත්තේ ඔහු විසින් ආරම්භ කරන ලද ගඩන් ෆොඩ්‍රැන්ග් භාරයට (Gaden Phodrang Trust) පමණක් බව ය.

ටිබෙටය පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස (1950 දී ඈඳා ගත්) චීනය තමන්ගේ ම අපේක්ෂකයෙකු පත්කිරීමට උත්සාහ කළ හැකි බවට පැවති මතවාදවලින් පසුව මෙම ප්‍රකාශය සිදු වුණා.

ටිබෙට් බෞද්ධයන් විශ්වාස කරන්නේ, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පුනරුත්පත්තිය ලබා ඇති බවත්, තමන් තෝරා ගන්නා තැනැත්තා තම පූර්වගාමියාගේ ආත්මය ඇති බව ඒත්තු ගැන්වුවහොත් බෞද්ධ නායකයින් විසින් ඔහු දලයි ලාමා ලෙස තෝරා ගන්නා බවත් ය.

වර්තමානයේ සිටින 14 වන දලයි ලාමා 1935 ජූලි 6 වන දින කුඩා ටිබෙට් ගම්මානයක ගොවි පවුලක උපත ලැබූ අතර ඔහුගේ නම ලාමෝ දොන්ඩුබ් ය.

ඔහුට වයස අවුරුදු දෙකේදී, බෞද්ධ නිලධාරීන්ගේ සෙවුම් කණ්ඩායමක් ඔහුව පෙර දලයි ලාමාවරුන් 13 දෙනාගේ පුනරුත්පත්තිය ලෙස හඳුනා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?