පුනරුත්පත්තිය ගැන ලොවම බලා සිටි පණිවිඩය දලයි ලාමා ප්‍රකාශයට පත් කරයි

ටිබෙට් බෞද්ධ ආධ්‍යාත්මික නායක දලයි ලාමා, තම මරණයෙන් පසු සිය පදවිය සඳහා අනුප්‍රාප්තිකයෙකු සිටින බව තහවුරු කර තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි එම නිවේදනය ඔහු ප්‍රකාශයට පත් කළේ, චීන පාලනයෙන් පිටුවහල්ව ජීවත් වන උතුරු ඉන්දියාවේ ධරම්සාලාහිදී ය.

දලයි ලාමා පැවසුවේ, ඔහුගේ අනාගත පුනරුත්පත්තිය හඳුනා ගැනීමට බලය ඇත්තේ ඔහු විසින් ආරම්භ කරන ලද ගඩන් ෆොඩ්‍රැන්ග් භාරයට (Gaden Phodrang Trust) පමණක් බව ය.

ටිබෙටය පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස (1950 දී ඈඳා ගත්) චීනය තමන්ගේ ම අපේක්ෂකයෙකු පත්කිරීමට උත්සාහ කළ හැකි බවට පැවති මතවාදවලින් පසුව මෙම ප්‍රකාශය සිදු වුණා.

ටිබෙට් බෞද්ධයන් විශ්වාස කරන්නේ, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පුනරුත්පත්තිය ලබා ඇති බවත්, තමන් තෝරා ගන්නා තැනැත්තා තම පූර්වගාමියාගේ ආත්මය ඇති බව ඒත්තු ගැන්වුවහොත් බෞද්ධ නායකයින් විසින් ඔහු දලයි ලාමා ලෙස තෝරා ගන්නා බවත් ය.

වර්තමානයේ සිටින 14 වන දලයි ලාමා 1935 ජූලි 6 වන දින කුඩා ටිබෙට් ගම්මානයක ගොවි පවුලක උපත ලැබූ අතර ඔහුගේ නම ලාමෝ දොන්ඩුබ් ය.

ඔහුට වයස අවුරුදු දෙකේදී, බෞද්ධ නිලධාරීන්ගේ සෙවුම් කණ්ඩායමක් ඔහුව පෙර දලයි ලාමාවරුන් 13 දෙනාගේ පුනරුත්පත්තිය ලෙස හඳුනා ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30