AFC Banner
AFC Banner
Empty Ad

පිළිකා ඖෂධ සහ කුඩා දරුවන්ට අවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

පිළිකා ඖෂධ සහ කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදී තිබෙනවා.

මෙම ඖෂධ තොගය නිල වශයෙන් භාරදෙනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙතටයි.

අදාළ ඖෂධ අතර කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටිස් රෝග සහ පිළිකා සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග 16ක් පමණ ඇතුළත්.

ඇමරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් වන මෙය ඇමරිකානු ජාත්‍යන්තර සංවිධානයක් වන Direct Relief ආයතනය හරහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් Medical Help International ආයතනයේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී තිබෙනවා.

Medical Help International ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන අධ්‍යක්ෂ පැඩී දිසානායක මහත්මිය හා එම ආයතනයේ ශ්‍රී ලංකා ව්‍යාපෘති නියෝජිත දිලිනි ද සිල්වා මහත්මිය මෙම පරිත්‍යාග සිදු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ සෑම රටක්ම මෙම අර්බුදකාරි අවස්ථාවේ තම උපරිම ත්‍යාගශීලීත්වය මනාව ඔප්පු කරමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ආධාර උපකාර ප්‍රමාණයක් ලබාදුන් බවයි.

ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවය නැංවීම, සෞඛ්‍ය තොරතුරු පද්ධති වැඩි දියුණු කිරීම ආදී ක්ෂේත්‍ර මෙන්ම පිළිකා රෝගයෙන් පීඩාවට පත්ව සිටින රෝගී දරුවන්ට තම දෙමාපියන් හා එක්ව සිටීමට පහසුකම් සහිත වාට්ටු ඒකකද විවිධ සංවිධානවල සහ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර මත ඉදිකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදිරියටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව අනෙකුත් අංශ කෙරෙහි ද අවශ්‍ය ආධාර උපකාර ඇමෙරිකානු රජය විසින් ලබා දීමට නොපැකිළව ඉදිරිපත් වන බවයි ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ චං (Julie J.Chung) මෙහිදී කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?